එබකන්ද ඉවුරේ ජීව අත්බෝම්බයක් | දිනමිණ

එබකන්ද ඉවුරේ ජීව අත්බෝම්බයක්

වේහැල්ල එබකන්ද වාරි ජලාශයේ ඉවුරේ සඟවා තිබු ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට දික්වැල්ල පොලීසියේ දුෂණ මර්ධන අංශය සමත් වී ඇත. විදේශීය නිෂ්පාදනයක් වන මෙය ශ්‍රි ලංකාවේ යුධ හමුදාව භාවිතා කරනු ලබන අවි හා සමාන එකක් බවද පොලීසීය කියයි.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් මත දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති,උප පොලිස් පරීක්ෂක ගාමීණී සාන්ත මහතාගේ ප්‍රධානාත්වයෙන් පොලිස් සැරයන් වරුන් වන (55928) ශාන්ත, (28184) ජයසේකර යන නිළධාරින් බෝම්බය සොයා ගැනීමේ හා වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට එක්ව සිටියහ.

දික්වැල්ල විශේෂ ජී.සිරිසේන
ජායාරූපය-දික්වැල්ල විශේෂ

 


නව අදහස දක්වන්න