වාසලකෝට්ටේ වැව දැන්වත් සුද්ද කරමුද? | දිනමිණ

වාසලකෝට්ටේ වැව දැන්වත් සුද්ද කරමුද?

කුඹුරු අක්කර 60කට දියවර සපයන වාසලකෝට්ටේ වැවේ ජපන් ජබර ඇතුළු ජලජ ශාක වැවීම නිසා එහි ගබඩාවන ජලයේ පැවැත්මට තර්ජන එල්ලවී ඇති බව ගොවීහු පවසති.මීට වසරකට පමණ පෙර මෙහි තිබූ ජලජ ශාක කතෝලික දේවස්ථානයේ පියතුමන් ඇතුළු ගමේ තරුණ පිරිස් විසින් යන්ත්‍ර සූත්‍ර යොදා ඉවත් කරණු ලැබුහ.

නමුත් ඉතා කෙටි කාලයකින් යළිත් එම ශාක වලට වැව ගොදුරු වීම නිසා ගොවීහු දුෂ්කරතාවට පත්වී සිටිති.ඒ නිසා එම ජලජ ශාක ඉවත්කර වැවේ ජලය සුරක්ෂිත කර දෙන මෙන් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සටහන හා ඡායාරූපය
ගලේවෙල සමූහ


නව අදහස දක්වන්න