සක්සස්-පැරමැටා ත්‍රි’මලය වරායට... | දිනමිණ

සක්සස්-පැරමැටා ත්‍රි’මලය වරායට...

ඉන්දිය සාගරයේ කලාපිය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියව හා ශ්‍රි ලංකාව අතර සහයෝගිතාව අලුත් මට්ටමකට වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රිලංකාවට පැමිණි බව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ එච්.එම්.ඒ.එස්.සක්සස් යුධ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ඩැරන් ග්‍රෝගන් මහතා පැවසිය.

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් එච්.එම්.ඒ.එස්.සක්සස් හා එම්.එම්.ඒ.එස්.පැරමැටා යන යුධ නෞකා දෙක ත්‍රිකුණාමලය වරායට සේන්දු විමෙන් පසුව වරාය අධිකාරියට අයත් අශ්රොප් ජැටියේ පැවැති මාධ්‍ය හමුවකදී එම අණදෙන නිලධාරියා එසේ කීය.

ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති මෙම යුධ නෞකා දෙකේ සිටි අණදෙන නිලධාරිවරුන් දෙදෙනා ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් ජැටියට පැමිණි අතර ශ්‍රි ලංකා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් ටොම් ඩේපිස් මහතා විසින් පිළිගනු ලැබු අතර නාවික හමුදා තුර්ය වාදක කණ්ඩායම නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගත්තේය.

සටහන සහ ඡායාරුපය
ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද 


නව අදහස දක්වන්න