පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළෙ | දිනමිණ

පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළෙ

සතිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,540.05ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.35% අඩුවීමකි. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාවන් පදනම් කර ගත් කොටස් 20ක් අන්තර්ගත වන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 2,724.94ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.30% අඩු වීමකි.

සතිය තුළ වෙළෙඳ පොළෙ ගනුදෙනු තුළින් සටහන් වූ පිරිවැටුම රුපියල් බිලියන 1.90ක් ලෙස සටහන් විය.

සතිය තුළ සටහන් වූ විදේශ ආයෝජන සලකා බැලූ විට විදේශ මිලදී ගැනීම් රුපියල් බිලියන 1.03ක් ලෙස සටහන් විය. විදේශ විකිණීම් රුපියල් බිලියන 1.11 ලෙස සටහන් විය.

සතිය තුළ මිල ගණන්වල ඉහළම වර්ධනයක් සටහන් කළ කොටස් වූයේ 1) Tess Agro 2) Abans Finance 3) Renuka Hotels 4) Renuka Foods 5) Keells Foods Products

සතිය තුළ මිල ගණන්වල පහළම වර්ධනයක් සටහන් කළ කොටස් වූයේ 1) Resus Energy 2) HVA Foods 3) Lankem Ceylon 4) Softlogic Life Insurance 5) Nation Lanka Finance

නව අදහස දක්වන්න