කළමනාකාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී Allianz Lanka සම්මාන ලබයි | දිනමිණ

කළමනාකාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී Allianz Lanka සම්මාන ලබයි

පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී නිමාව දුටු 2018 කළමනාකාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී Allianz Insurance Lanka Limited (Allianz Lanka) හොඳම කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගම (Company with Great Managers) ලෙස නැවත වරක් සම්මානයට පාත්‍ර විය.

මෙහි දී Allianz Lanka හි ඉහළ කළමනාකරුවන් වන හේමන්ත යටෝවිට, මනරම් පන්විලවත්ත, ජයනාත් අල්විස්, රුවන් වීරසිංහ සහ ඩබ්. ජේ. එම්. රංග ඩයස් යන මහත්වරුන් කාර්යසාධනය පිළිබඳ කාණ්ඩයේ විශිෂ්ට කළමනාකරුවන් ලෙස සම්මාන දිනා ගත් අතර Allianz Lanka හි ප්‍රසන්න ජේ. කොඩිකාර මහතා මහජන කාර්ය සාධන කාණ්ඩයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන හිමි කර ගන්නා ලදී.

මේ පිළිබඳ අදහස් දැක්වූ Allianz Insurance Lanka Limited හි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මහත්මිය සඳහන් කර සිටියේ කළමනාකාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී විශිෂ්ට කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගම ලෙස Allianz Insurance Lanka Limited ආයතනය අඛණ්ඩව දෙවැනි වරටත් ඇගයීමට ලක්වීම පිළිබඳ ඉතාමත් සතුටු වන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඇය ‘විශේෂයෙන් එහි දී අපගේ කළමනාකරුවන් හය දෙනකු විශිෂ්ට කළමනාකරුවන් ලෙස සම්මාන දිනා ගැනීම පිළිබඳත් මා ඉතාමත් සතුටට පත් වෙනවා. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් අපගේ ලෝක මට්ටමේ කණ්ඩායමේ කැපවීම හා විශ්වසනීයත්වය තහවුරු කිරීමක් ලෙසත් සඳහන් කළ හැකියි. යනුවෙන් පැවසුවාය.


නව අදහස දක්වන්න