රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා පළමු වටයේ ජය එෂාන් පීරිස්ට | දිනමිණ

රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා පළමු වටයේ ජය එෂාන් පීරිස්ට

මැලේසියාවේ ෂා අලාම් ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථයේදී නිමා වුණු රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා තරගාවලියේ පළමු වටයේදී DD2 ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් සමත්විය.

ලොව නම් දැරූ කාර්ටින් ධාවන ශූරයන් සහභාගී වූ මේ තරගයේදී ආර් එල් කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් තරගයට එක්වූ එෂාන් තත්ත්පර 53.312ක වට කාලයක පරතරයක් තබා ගනිමින් පළමු තරඟකරුවන් තුන් දෙනා අතර වූ තියුණු තරගයෙන් පසු තත්ත්පර දෙකකින් පමණ එකිනෙකා පරයමින් තරඟය ජයග්‍රහණය කළේය.

උණුසුම් වීමේ පළමු තරගයේ දෙවන ස්ථානයේ පසුවූ එෂාන් දෙවන උණුසුම් වීමේ තරගයේදී, අර්ධ අවසාන තරගයේදී සහ අවසන් තරඟයේ පැහැදිළි ලෙස දක්ෂතාවන් පෙන්නුම් කරමින් පළමු ස්ථානයට පත් විය.

නව අදහස දක්වන්න