සියනෑ නිල්-කොළ සටන අද | දිනමිණ

සියනෑ නිල්-කොළ සටන අද

බණ්ඩාරනායක කණ්ඩායම විදුහල්පති එස් ඒ එල් බී සිරිමාන්න මහතා සමඟ

හේනේගම මධ්‍ය විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘සියනෑ නිල්-කොළ සටන මහා ක්‍රිකට් ගැටුම‘ 4 වැනි වරටත් අද (27) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙතෙක් පැවති තරඟ තුනෙන් තරඟ දෙකක ජය හේනේගම මධ්‍ය විද්‍යාලයට හිමි වූ අතර එක් තරඟයක ජය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට හිමි විය.

මෙවර ශ්‍රී ලංකා 19 න් පහළ සිංගර් අභියෝග ශූරතා කුසලානය සඳහා පවත්වන ලද තරඟාවලියට එම විදුහල් 2ම එක්විය. එහි දී හේනේගම මධ්‍ය විද්‍යාලය තරඟ 14 කට සහභාගි වී තරඟ 9 ක් ජය ලබා තිබෙන අතර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය තරඟ 8 කට සහභාගි වී තරඟ 3 ක් ජයග්‍රහණය කොට තරඟ 3 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර හේනේගම කණ්ඩායම ප්‍රමිත් දර්ශන මෙහෙය වන අතර බණ්ඩාරනායක කණ්ඩායම කලිඳු කෞදීෂ මෙහෙයවයි.

හේනේගම කණ්ඩායම - ප්‍රමිත් දර්ශණ (නායක), විමුක්ති ලක්ෂාන් (උපනායක), හසිදු පෙරේරා, තිළිණ දිනේෂ්, තරිඳු සඳරුවන්, ජනිත් මධුහංස, ඉෂාන් හර්ෂන, රුසිරු තත්සර, සමිත් විජේනායක, මනුජිත් දේශාන්, දෙමින්ද නිමේෂ්, ඉසුරු ධනංජය, තරුෂ ඉන්දීවර, ශෙහාන් ලක්ෂාන්, දේශාන් චින්තක හා බුද්ධික ලක්ෂාන්.

බණ්ඩාරනායක කණ්ඩායම - කලිඳු කෞදිෂ (නායක), මොවිදු ලෝමිත (උපනායක), නිපුන් සන්තුෂ්, චතුෂ්ක කලුනායක, තරුෂ මලින්ත, ප්‍රෂාන් මයන්ත, අවිෂ්ක කෝෂිල, අංජන තරංග, සාලින්ද හපුආරච්චි, තත්සර නවරත්න, කවිෂ්ක මධුමාල්, පසිදු විදුරංග, දිල්ෂ මල්ෂර, ජනුජ දෙව්නිත්, චමත් කල්හාර හා ඒ. දාබරේ.

මල්වාන සමූහ මහානාම විතානගේ
දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති

නව අදහස දක්වන්න