හිරිවඩුන්න ජල පවිත්‍රාගාරය කලඑළි වෙයි | දිනමිණ

හිරිවඩුන්න ජල පවිත්‍රාගාරය කලඑළි වෙයි

මීට වසර පනස්පහකට පමණ පෙර ඉදිකළ හිරිවඩුන්න ජල පවිත්‍රාගාරය මුළුමණින්ම පවිත්‍රකිරීමේ මහා ශ්‍රමදානයක් පසුගිය දා පැවැත්විණි.

කෑගල්ල ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය හා බෙරගල යුදහමුදා කඳවුරේ හමුදා භට පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ශ්‍රමදානය සිදුකෙරිණි.

හිරිවඩුන්න ජල පවිත්‍රාගාර භූමිය හා ජල පොම්පාගාරය මේ යටතේ සම්පූර්ණයෙන්ම පවිත්‍ර කෙරුණු අතර, ජලය ලබා ගන්නා ස්ථානයේ රොන්මඩ ඉවත්කිරීම ද ඒ සමඟ සිදුකෙරිණි.

වසර දහයකට අධික කාලයක් තීන්ත ආලේපකර නොතිබුණු කාර්යාලය , ජල පොම්ප හා ජල නලවල තින්ත ආලේප කිරීම ද මේ සමඟ සිදුවිය.

හිරිවඩුන්න ජල පොම්පාගාරය මඟින් මාඔයේ ජලය පවිත්‍රකර කෑගල්ල හා රඹුක්කන ජල පාරිභෝගිකයන් සඳහා බෙදා හැරෙන අතර, දිනකට ඝන මීටර් අටදහස් පන්සියයක් පමණ පාරිභෝගිකයන් දස දහසකට අධික ප්‍රමාණයක් සඳහා බෙදා හැරේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෑගල්ල ප්‍රාදේශීය කළමනාකරු ඉංජිනේරු රසික වනිගසේකර, සහකාර සාමාන්‍යාධිකාරී පියරත්න සමරතුංග, ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා ක්‍රමසම්පාදන) ශෂිකා ඉලංගසිංහ, සමාජ විද්‍යාඥ ශිවන්ති සෙනෙවිරත්න, ක්‍රියාත්මක සහ නඩත්තු ඉංජිනේරු යූ.ආර්.සී දෙඹටපිටිය, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එස්. දහනායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

රඹුක්කන විශේෂ- ඔස්වල්ඩ් ගොඩකුඹුර

නව අදහස දක්වන්න