මාලදිවයිනට පනින්න ගිය කංජිපානි - රොටුඹ අමිල C.I.D භාරයට | දිනමිණ

මාලදිවයිනට පනින්න ගිය කංජිපානි - රොටුඹ අමිල C.I.D භාරයට

රුක්මාල් ගමගේ

ඩුබායිහි අත්අඩංගුවේ සිට නිදහස් කැරනු ලැබූ කංජිපානි ඉම්රාන් නැතහොත් මොහොමඩ් නජීම් ඉම්රාන් සහ රොටුඹ අමිල සහ තවත් පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ, ඔවුන් තිදෙනා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.

ඔහු කටුනායකට පැමිණීමෙන් අනතුරුව මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේ.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ගුවන්තොටුපොළේදී සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලේ.

මේ අතර ඩුබායි අත්අඩංගුවේ සිට නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනිණ.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රශ්න කිරීම්වලට ඔවුන් ලක්වූ අතර, නදීමාල් පෙරේරා පැය 8 ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් මෙම බන්ධනාගාර නිලධාරියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ පස්වරුවේ භාරදීමෙන් අනතුරු අත්අඩංගුවට පත්විය.

 

නව අදහස දක්වන්න