පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ­ලෙන් අවු­රුදු තෑගි | දිනමිණ


 

පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ­ලෙන් අවු­රුදු තෑගි

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ අඩුම මිල ගණන් යටතේ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකිකයන් වෙත උදාකර දී තිබේ. ඒ, මේ වන විට රෝහල විසින් හඳුන්වා දී තිබෙන සියලුම සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වන සුපිරි වට්ටමක් පිරිනමමිනි.

මේ සුවිශේෂී වට්ටම් වැඩසටහන මේ මස 20 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා වලංගු වේ. අනවශ්‍ය වියදම් කපා හැර, එයින් ලැබෙන ප්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන පන්නිපිටිය පෞද්ගලික රෝහල අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ, කාටත් දැරිය හැකි සහනදායී මිල ගණන් යටතේ සිය සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ හඳුන්වා දී තිබේ. උත්සව සමය වෙනුවෙන් ඒ සියලු පැකේජ ඇදහිය නොහැකි තරමේ අවම මිලකට, ඉහළම ප්‍රමිතියකට අනුව ලබාදෙන බව රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

නව අදහස දක්වන්න