වියළි කාලගුණයෙන් 56,000 කට පීඩා | දිනමිණ

වියළි කාලගුණයෙන් 56,000 කට පීඩා

පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය හා මහනුවර දිස්ත්‍රික්කවල පිරිසක් එළෙස පීඩාවට පත් ව ඇති බවයි.

මේ අතර වියළි කාලගුණයත් සමග කැලෑ ගැනි තැබීම් ද ඉහළ ගොස් ඇති බව ද සදහන්.

ඔවුන්ට සහන සැලසීම සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

වියළි කාලගුණය ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව අදහස දක්වන්න