STF සෙබලෙක් වෙඩි තබාගනී | දිනමිණ

STF සෙබලෙක් වෙඩි තබාගනී

අරලිය ගහ මන්දිරය ආසන්නයේ මයිකල් වටරවුම අසළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන තිබේ.
 
මෙම සෙබලා අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු බව වාර්තා වේ.
 
31 හැවිරිදි අදාළ සෙබලා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 
 
මෙම සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නව අදහස දක්වන්න