ආබා­ධිත දිය­ණි­යට මාස­ය­කට කිරි­පිටි පැකට් 15ක් ඕන | දිනමිණ

ආබා­ධිත දිය­ණි­යට මාස­ය­කට කිරි­පිටි පැකට් 15ක් ඕන

යටි­ය­න්තොට උඩ­පි­ටියේ පදිංචි වයස අවු­රුදු 10 ක් වන පවනි උත්තරා දිය­ණිය ස්නායු ආබා­ධ­යක් නිසා ආබා­ධිත තත්ත්ව­ය­කට පත්වී ඇති අතර ඇයට වෛද්‍ය ප්‍රති­කාර ලබාදී ජීවත් කර­වී­මට ඇගේ මවු­පි­යන් මහත් වෙහෙ­සක් දර­මින් සිටිති. ඇවි­දී­මට නොහැකි දරුවා හදා­වඩා ගන්නා ඇගේ මව වන අනුලා සේනා­රත්න මහ­ත්මි­යද දිය­වැ­ඩියා රෝග­යෙන් සහ තයි­රො­යිඩ් ග්‍රන්ථිය ඉදි­මීමේ රෝග­යෙන්ද පෙළෙයි. පියා කොළඹ ප්‍රදේ­ශයේ සුළු රැකි­යා­වක් කරන අතර එම රැකි­යා­වෙන් ලැබෙන වැටු­පෙන් ස්නායු ආබා­ධිත දිය­ණිය ජීවත් කර­වී­මද බෙහෙත් හේත් ලබා දීමද පවුලේ පස් දෙනෙකු ජීවත් කර­වී­මද අප­හසු බව ඔවුහු පව­සති. කෙසේ නමුත් අසල් වැසි­ය­න්ගෙන් හා පොළි­යට මුදල් සප­ය­න්න­න්ගෙන් අත­මා­රු­වට මුදල් ලබා­ගෙන දරුවා ජීවත් කර­ව­න්නට එම මවු­පියෝ වෙහෙ­සෙති. මේ වන විට ඔවුන් තම දිය­ණි­යගේ අව­ශ්‍යතා වෙනු­වෙන් රට­ටම ණය වී හමා­රය. රජය හෝ වෙනත් ආය­ත­න­ය­කින් උද­ව්වක් බලා­පො­රොත්තු වූවත් මෙතෙක් ලැබී නැති බව ඔවුහු පව­සති . මොන­යම් තැන­කින් හෝ ආබා­ධිත දිය­ණිය වෙනු­වෙන් කිසිම දීම­නා­වක් වත් ලැබෙන්නේ නැති බවද මව පව­සයි.

අනුලා සේනා­නා­යක මහ­ත්මිය මෙසේ කීවාය. දුව ඉප­දුනේ කර­ව­නැල්ල මූලික රෝහලේ . 2009.01.17. දින. ඉපදී දින 10 කට පස්සෙ රෝහ­ලෙන් ආව. එහිදී දුව කහ පාට වුණා. නිසි ප්‍රති­කා­ර­යක් ලබා­දෙන්න බැරි­වී­මෙන් දරු­වාගේ මොළ­යට විස­බී­ජ­යක් ගිහින් ස්නායු රෝග­යෙන් ආබා­ධි­තව ඇවි­දින්න බැරිව ඔත්පල වුණා. එදා පටන් පුළු­වන් විදි­හට ප්‍රති­කාර කර­නව. තව­මත් සුව­යක් නෑ. ඇවි­දින්න බැරි නිසා ඇදේ­මයි ඉන්නෙ. වෛද්‍ය නිර්දේ­ශය අනුව දරු­වාට ආහාර වශ­යෙන් දෙන්නේ කිරි­පිටි පම­ණයි. මස­කට කිරි පැකට් 15ක් ඕන. ඒ වගේම මාස­යට දෙතුන් පාරක් බේත් ගන්න කොළඹ රිජ්වේ රෝහ­ල­ටත් යන්න වෙනව. දරුව බස් එකක රැගෙන යන්න බෑ.ත්‍රීවිල් ගාස්තු රුපි­යල් 3000 විතර එක­ව­ර­කට ගන්නව. සැමි­යාගේ සුළු රැකි­යා­වෙන් මේ සේරම කරන්න මදි නිසා අහල පහල අය­ගෙන් ණයට ඉල්ල­ග­න්නව. මේක හැම­දා­මත් කරන්න බෑ. මගේ දරුව ජීවත් කර­ව­ගන්න කවු­රු­හරි උදව් කර­නව නම් ලොකු පිනක්.

යටි­ය­න්තොට විශේෂ -සමන් එස්. රත්නා­යක


නව අදහස දක්වන්න