දරු දෙන්නට ඇවි­දින්න බෑ පියා අක්ෂි රෝගි­යෙක් | දිනමිණ

දරු දෙන්නට ඇවි­දින්න බෑ පියා අක්ෂි රෝගි­යෙක්

ඇල්පි­ටිය අධ්‍යා­පන කලා­ප­යට අයත් ගා/ ඉඳි­ප­ලේ­ගොඩ මහා විද්‍යා­ලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන එච්.ජී. සඳුන් දේශාන් (15) හා 6 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන එච්.ජී. තමිත් ආකාෂ් (11) යන සිසුන් දෙදෙනා දැනට වසර අට­කට පමණ පෙර ඇතිවූ හඳුනා නොගත් දෑත් දෙපා අප්‍රා­ණික වීමේ රෝග­යක් නිසා ඇවි­දී­මට නොහැ­කිව අස­ර­ණව සිටිති. එකම පවුලේ දරු­වන් දෙදෙ­නෙක් මෙසේ හිටි හැටියේ රෝගා­තුර වීම නිසා මවු­පි­යන් අන්ත අස­රණ තත්ත්ව­යට පත්ව සිටී. සිසුන් දෙදෙ­නා­ටම දෙප­යින් ඇවි­දී­මට නොහැ­කිය. මවු­පි­යන් මේ දරු­වන් දෙදෙනා ත්‍රීවීල් රථ­ය­කින් පාසල වෙත ගෙන එන අතර පාස­ලේදී දරු­වන් දෙදෙනා රෝද පුටු­වක තබා­ගෙන පාසලේ අනෙ­කුත් දරු­වන්ගේ උද­වු­වෙන් පන්ති කාමර වෙත යති. මිතු­රන් මේ රෝගී දරු­වන්ට උදවු කිරී­මට බොහෝ කැමැ­ත්තක් දක්වති.

වෛද්‍ය­වරු පව­සන පරිදි මේ දරු­වන්ට ඇත්තේ මාංශ­පේ­ෂී­වල ශක්තිය හීන වීමේ රෝග­යකි. ඒ සඳහා ප්‍රති­කාර ලබා දීම සඳහා කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ සාය­න­ය­ක­ටද සහ­භාගී සිසුන් දෙදෙනා සහ­භාගී වෙති. දරු­වන් ඉගෙ­නු­මට දැඩි ඇල්මක් දක්වන නිසාත් ඔවුන්ගේ අනා­ග­තය සාර්ථක කර­දී­මට අවශ්‍ය නිසාත් මවු­පියෝ දෙදෙනා අනේ­ක­විධ දුක්විඳ දරු­වන් පාසල් යැවීම නතර නොක­ළේය. ඇඳුම් මැසීම රැකි­යා­වක් ලෙස කර­ගෙන ආ සිසුන් දෙදෙ­නාගේ පියා වන එච්.ජී. චාමින්ද රුවන් (46) මහ­තාද මේ වන විට ග්ලූකෝමා රෝග­යෙන් පීඩා විඳින අක්ෂි රෝගි­යෙකි. රෝගී සැමියා හා පුතුන් දෙදෙනා රැක බලා ගැනීම බිරිය ඩබ්ලිව් .කේ.පී. කුමාරි (45) හට තනිව කර­ගැ­නීම මහත් අභි­යෝග­යකි.

දරු­වන් පාසල් යැවී­මට ත්‍රීවීල් ගාස්තු වශ­යෙන් දින­කට රුපි­යල් පන් සිය­යක් අවශ්‍ය වේ. අන්ත අස­ර­ණව සිටින මේ පවුලේ අය සුව­පත් කර­ගැ­නීම සඳහා ජන­තා­වගේ උදව් උප­කාර අව­ශ්‍යව ඇත.

ඇල්පි­ටිය විශේෂ - ඩී ජේ විජේ­සිංහ


නව අදහස දක්වන්න