මාතලේ පොලිස් ස්ථාන 10කින් අ‍ාපදා සහන කණ්ඩා­ය­මක් | දිනමිණ

මාතලේ පොලිස් ස්ථාන 10කින් අ‍ාපදා සහන කණ්ඩා­ය­මක්

මාතලේ දිස්ත්‍රි­ක්කයේ පොලිස් ස්ථාන 10ක නිල­ධා­රීන් 28 දෙනෙ­කු­ගෙන් යුත් මාතලේ දිස්ත්‍රික් පොලිස් ආපදා සහන කණ්ඩා­ය­මක් ආරම්භ කොට තිබේ.නියෝජ්‍ය පොලි­ස්පති එච් . එච් .චුල­සිරි මහ­තාගේ උප­දෙස් පරිදි දිව­යිනේ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම හදිසි ආපදා අව­ස්ථා­ව­න්හිදී ජන­තාව මුදා ගැනීම ඇතුළු දේපළ ආරක්ෂා කිරීම ආදී කරුණු ගණ­නා­වක් උප­යෝගී කර­ගැ­නීම සඳහා මේ පොලිස් ආපදා සහන කණ්ඩා­යම් ආරම්භ කොට තිබේ. මාතලේ දිස්ත්‍රික් පොලිස් ආපදා සහන කණ්ඩා­යම මේ දින­වල ආප­දා­ව­න්වල දී මුහුණ දිය යුතු ආකා­රය සහ ක්‍රියා කළ යුතු ක්‍රම­වේ­ද­යන් පිළි­බඳ පුහු­ණු­වීම් කට­යුතු දඹුල්ල මුල­ස්ථාන පොලිස් පරි­ශ්‍ර­යේදී පැවැත්වේ. මාතලේ අපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ නිල­ධා­රීන් විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් ආදී විවිධ ක්ෂේත්‍ර­යන් පිළි­බඳ මේ පොලිස් නිල­ධා­රීන් දැනු­වත් කිරීම සිදු කෙරේ.

ඒ අනුව හදිසි ආපදා තත්ත්ව­ය­කදී සහ රථ­වා­හන අන­තු­ර­කදී රෝහ­ලට රෝගි­යෙකු ගෙන යාමට මත්තෙන් සිදු­කළ යුතු ක්‍රියා­දා­ම­යන් පිළි­බඳ පොලිස් නිල­ධා­රීන් 38 දෙනා දැනු­වත් කිරීම දඹුල්ල මූලික රෝහලේ ශල්‍ය විශේ­ෂඥ වෛද්‍ය අජිත් අර්ථ­නා­යක මහතා ඇතුළු විශේෂ පුහුණු කණ්ඩා­ය­මක් විසින් සිදු කරනු ලැබිය. මේ ආපදා සහන කණ්ඩා­යම සඳහා මාතලේ දිස්ත්‍රි­ක්කයේ දඹුල්ල, සීගි­රිය, යට­වත්ත, නාඋල ,ගලේ­වෙල, ලග්ගල ,විල්ග­මුව,මාතලේ ,රත්තොට ,මහ­වෙල යන පොලිස් ස්ථාන­වල අනි­යු­ක්තව සේවය කරන පොලිස් සැර­ය­න්වරු සහ කොස්තා­ප­ල්ව­රුන් 38 දෙනෙකු සහ­භාගී වී සිටිති.

සිගි­රිය විශේෂ


නව අදහස දක්වන්න