පෙට් සෙමටරි PET SEMATARY | දිනමිණ

පෙට් සෙමටරි PET SEMATARY

ස්ටෙෆන් කිංගේ නවකතාවෙන් සිනමාවට නඟන ලද පෙට් සෙමටරි මරණය ද අද්භූත බලවේගවලට වඩා සුන්දර බව කියාපාන්නකි.

ක්‍රීඩ් සහ ඔහුගේ බිරිය රේෂල් බොස්ටන්වල සිට මෙයින් ගම්මානයට කුඩා දරු දෙදෙනා සමඟ පැමිණියේ නිස්කලංක දිවියක් ගත කිරීමටයි.

එහෙත් වැඩි කල් නොයා දෙදෙනා අලුත් නිවෙස අසළ අද්භූත සොහොන් බිමක් ඇති බව සොයා ගත්තේය.

ඔවුනගේ සුරතල් බළලා ට්‍රක් රථයට අසුවී මිය ගිය පසු ක්‍රීඩ් ඌ අද්භූත සොහොන් ගැබේ වැළලීමට යන අතර එය සාමාන්‍ය සොහොන් ගැබක් නොවන බව දැන ගනී.

අබි රහස් සිදුවීම් සමඟ ක්‍රීඩ්ට අසාමාන්‍ය අසල්වැසියකු හඳුනා ගැනීමට ලැබිණි. ඔහු ජූඩ් ක්‍රැන්ඩල්ය.

අද්භූත සුරතල් සත්ව සොහොන් බිම ඔවුනගේ ජීවිතයට කෙසේ බලපාවිද ?

පෙට් සෙමටරි, කෙවින් කොල්ෂ් සහ ඩෙනිස් විඩ්මියර්ගේ අධ්‍යක්ෂණයකි. ජේසන් ක්ලාක්, ඇමි සීමෙට්ස්, ජෝන් ලිත්ගෝ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සංගීතය ක්‍රිස්ටෝපර් යංගෙනි.

නව අදහස දක්වන්න