අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි | දිනමිණ

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 02.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය යැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                          මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                        2019 අප්‍රේල් මස 07 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 02.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පසුව එම වැසි අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                     ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                        2019 අප්‍රේල් මස 07 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 

දිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරවහමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ.

නව අදහස දක්වන්න