ලැජ්ජා නැද්ද නාන කෙල්ලො දිහා බලන්න | දිනමිණ

ලැජ්ජා නැද්ද නාන කෙල්ලො දිහා බලන්න

දන්නා කාලයේ සිට මෙතරම් සැහැල්ලු වෙන් සිටි බවක් ඔහුට මතක නැත. අක්කර දහස් ගණනක වී, තිරිඟු, අඹ, දොඩම් මෙන් ම මෝටර් රථ කර්මාන්ත ශාලා හිමියෙක් මෙන් ම බටහිර බෙංගාලයේ මහාරාජා කෙනෙක් ලෙස ප්‍රශ්න හිස දරා සිටි හැටි මතකය. ඒ හැමටම වඩා දුවගේ ප්‍රශ්නය බලවන්තය.

සියල්ල අමතක වී ගියේ ලංකාවේ සංචාරය කරද්දී ය. මහාරාජා ඇඳුමින් මිදී කොට කලිසමින් හා බතික් කමිසයකින් යද්දී දැනුණු සැහැල්ලුව කවදාවත් දැනී නැත.

නීලක හා යසස් ඔවුන්ගේ තත්ත්වයට තමාව පත් කර ගෙන ඇත. දැන් තනතුරු පට්ටම මතක නැත.

“සර් අරක තමයි හෝටලය.”

“කමක් නෑ. හොඳයි.”

“සර් වොෂ් එකක් දාලා කෑමට ලෑස්ති වෙන්න.”

“යසස්ලා?”

“සර් අපි අර පාර අයිනෙ පීල්ලෙන් නානවා. සර් නාන කාමරේට යන්න.”

මහාරාජා දිය පීල්ල දෙස බැලුවේ ය. එය හින්දුස්ථානි චිත්‍රපටයක රූප රාමුවක් මෙනි. යෞවන යෞවනියෝ දිය පීල්ලෙන් නානු පෙනේ. තමාට ලෙහෙසියෙන් එවන් තත්ත්වයට පත්වීමට පුළුවන් කමක් නැත.

“බණ්ඩාර ලොක්කව කාමරයට එක්ක යාවි. අපි නාමු.”

ඔවුහු රථයට ගොස් ඇඳුම් මාරුකර දිය පීල්ල වෙත ගියහ. සංචාරක බස් රියකින් පැමිණි යුරෝපීය සමනලියන් දිය පීල්ලේ නානු පෙනේ.

“මොකද ලොක්ක අප්සෙට් ගහලා.”

“මෑන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා.”

“මචං ඔය බොඩිගාඩ්ලා කොයි වෙලේ හරි වැඩක් දෙනවා. අපි මුන්ට වැඩක් දෙමුද?”

“මුන් තුන්දෙනාව හොඳට යාළුවෙන් තියාගන්ට ඕනෑ‍. බණ්ඩාරට වැඩේ බාර දුන්නා නේද?”

“හරි... හරි... වැඩේ කෙරෙයි.

දිය නාද්දී යෞවනියන් සතුටින් කෑ ගැසීම කරච්චලයකි.

“ලොක්ක ෂවර් එකේ නායි.”

“ඔව් අප්පා රජ කෙනෙක්නෙ මෙතෙන්ට එන්න කියන්න පුළුවන්ද. යසස්ගේ නෙත ගියේ යෞවනියන් අතර සිට දිය නාන තැනැත්තා වෙතය.

“නීලක අර අතන නාන කෙල්ල දිහා බලපං.”

“ලැජ්ජා නැද්ද නාන කෙල්ලො දිහා බලන්න. උඹට කන්න වෙයි...”

“අද වාගෙ දවසක තමා කුමාරිකාව ඉන්න තිබුණෙ.”

“රාජකුමාරිකාවො ස්විමින් පූල්වලනෙ නාන්නෙ‍. මෙහාට එන්නෙ නෑ.”

ඔහු කොට කලිසමින් සැරසී තරුණියන් සමඟ දිය නාන මහාරාජා දුටුවේ ය. ඔහු සියල්ල අමතක කර යෞවනියන් අතර සිටිනු පෙනේ. ඔහු ඈත සිට අත ඔසවා ආචාර කළේ ය.

“‍මම හිතුවෙ නෑ ලොක්කා මෙතනින් නායි කියලා.”

“චම්පා නෙමේ දේවිය සිටියා නම් තමා නියම.”

“හිටපං හොඳ වැඩක් කරන්න.”

ලැබුණ වාර්තා අනුව සිහසුන පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකිය. දේවිය බියට පත්වූයේ මහා රාජා නොමැති කම ගැන ය. මෙවන් කුමන්ත්‍රණ රට තුළ ඇතිවෙයි. ඒවා මර්දනය කිරීමට විවිධ උපාය මාර්ග අනුගමනය කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙය ලඝු කටයුත්තක් නොවේ.

ලැබෙන වාර්තා අනුව අයියා ගේ පුතා සංජය පාතාලයන් සමඟ එක්ව බලය ඇල්ලීම වැළැක්විය නොහැකි ය. එහිදී ජීවිත හානියක් වීමද වැළැක්විය නොහැක.

“දූව සංජයට මරාටි කල්ලියක ආධාර තියෙනවලු. අප්පට එන්න කියන්න වෙනවා.”

“අප්පාට මේ කිසිදෙයක් කියන්ට එපා. අප්පා ඉන්න විදිහට හිටපු දෙන්.”

“මුන් අප්පා ලංකාවට ගිය බව දැන ගත්තොත් එතෙන්ටත් මදාවි යවයි. අප්පා අපි නැතිව දුකින් ඉන්නවා ඇති.” මේ ප්‍රශ්න මැද චම්පා කුමරිය සිනාසුණේ ඇගේ දුරකතනය පැමිණි පණිවිඩය දුටු පසු ය.

“අම්මා කේන්ති ගන්නෙ නැතිනම් දෙයක් පෙන්වන්නම්” ඇය සිනාසී කීවා ය.

“මම තරහ ගන්නේ මොටද?”

කැප් තොප්පියක් අව්කණ්ණාඩියක් පැලඳ ටීෂර්ටයක් හා කොට කලිසමකින් සැරසුණු තැනැත්තා එකවර හඳුනා ගත නොහැකිවුණි.

“දෙවියනේ... මේ කවුද? අප්පා නේද?”

ඇගේ සිතට සතුටක් පිවිසුණේ සැමියා කිසිත් නොදැන සතුටින් සිටීම ගැනය.

‍”මේ ගමනට මාත් ගියා නම් කිසි කරදරයක් නෑ.”

කඳු මුදු‍නින් ගලන දිය දහර වෙත දසුන යොමුව තිබුණි.

“දෙවියනේ ලස්සන”

“ඒ රටේ හැම තැනම කඳුවලින් වතුර හැලෙනවලු.”

“මේක බලන්න.” චම්පා යළිත් දුරකතනය මවට පෑවාය.

“හනේ සුදු කෙල්ලො දිය පීල්ලකින් නානව. දුව අපිත් දවසක යමු‍”

“මේ කව්ද බලන්න.”‍

කොට කලිසමක් හැඳ යෞවනියක් සමඟ දිය නාන තැනැත්තා හඳුනා ගත්තේ තරමක් වෙලා ගතවූ පසුවය.

“දෙවියනේ... මේ අප්පානේද?”

“ඔව් අප්පා තමයි.”

“ගියේ වෙන වැඩකට. කරන්නෙ වෙන දෙයක්. මේ මිනිහට ලැජ්ජා නැද්ද පොඩි ගෑනු ළමයි අස්සෙ තාත්තා ආවාවෙකො උගන්වනවා හොඳ පාඩමක්.”

“අම්මා ඒක නාන්න හදපු දිය පීල්ලක්. ඕනෑම කෙනෙකුට නාන්න පුළුවන්. ඔහෙ නා ගත්තාවෙ.”

අහුඋනාවෙකො. මා එක්ක නාන්න එන්නෙ නෑ. කෙල්ලො එක්ක නානවා. ආර්යාව කීවේ තරහින් පුපුරමිනි.

ප්‍රශ්න ඇති බව පිළිගත යුතුව ඇත‍. එහෙත් ඒවා ලෙහෙසියෙන් විසඳිය හැකි ඒව නොවේ. පුනර්භවය වූ කතාව අද ලෝකයම පිළිගන්නා තර්කානුකූල චින්තනයයි. මේ පිළිබඳ වාර්තා ශාස්ත්‍රීය සංග්‍රහවල පළ වෙයි. ඒ පිළිබඳව පරීක්ෂා කරන උගත්තු වෙති. අප මුහුණදී සිටින්නෙ සිදුවිය හැකි තර්කයකටය. දළදා වන්දනාව පිළිබඳව චම්පා කුමාරි පවසා ඇත. ඇය උගත් බාලිකා විද්‍යාලය ද සාක්ෂි වශයෙන් දක්වා ඇත. ඔවුන්ට මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයක් තිබී ඇති බව ඇය පවසයි.

මොන සිදුවීම් තිබුණත් මහාරාජා සිටින්නේ සතුටිනි. දිය පීල්ලෙන් නෑවේ තරුණ කොලු ගැට‍යෙක් මෙනි. හෝටලයේ එළිමහනේ සඟවා තිබූ පානයෙන් සප්පායම් වන්ට ඇත.

“කොහොමද? අප්පාගෙ පින්තූර ටික” නීලක ඇසුවේ ය. ඇගේ ගීතවත් සිනා හඬ තරමක් වෙලා ඇසුණි.

“හම්බ වෙච්ච ගමන් අම්මාගෙන් පාරක් වදී.”

“අප්පා හැම වෙලාවකම ඔයාව මතක් කළා. ඇත්තටම මාත් මීමුරේ ‍ගිහින් තිබුණෙ නෑ.”

“මට තේරුණා. ඒත් මට ලංකාවට එන්න දේවිද කියන එක ගැන මට සැකයි.”

“ඔයා කොහොම හරි එනවා කියලා පොරොන්දු වුණා නේද?”

“ඉස්සරහට අපේ ජීවිතවල තදබල වෙනස්කම් සිද්ධ වෙන්ඩ ඉඩ තියෙනව. අප්පා මේ ගමන ආවෙ හොඳ හිතින් නෙවේ.”

“ඒ බව මට තේරුණා.”

“ඔයාට තව ඉස්සරහට ලොකු යෝජනාවක් ඉදිරිපත් වෙයි. අපේ කම්පනියෙ හදන කාර් එකකුයි, US ඩොලර්වලින් සල්ලි වගේකුයි එක්ක. තව දොඩම් වත්තකුයි.

‍”මේ තෑගි පිළිනොගත්තොත් මේ ආත්මෙදිත් මාව මරයි.”

ලබන සතියට...


නව අදහස දක්වන්න