අවු­රුදු ග්‍රහ­චා­රය නිළි­ය­න්ට අසුබ­යි ? | දිනමිණ

අවු­රුදු ග්‍රහ­චා­රය නිළි­ය­න්ට අසුබ­යි ?

කලාවේ බලය අන්තර්ජාතිකව සම්බන්ධ වෙනවා - කලාවේ අනාගත දියුණුව සිදුවන්නේ මන්දගාමීවයි

කාන්තා පක්ෂයේ ආදායම හා වෘත්තීය බලය ‍බලවත් වෙයි

සූර්ය‍යා මීන රාශියෙන් ‍මේෂ රාශියට ‍ගමන් කිරීමෙන් උදාවන සිංහ‍ල දෙමළ අලුත් අවුරුදු උදාව හෙළයේ මහා කලා මංගල්‍ය‍ය ළඟම එන බ‍‍ව ‍කොහාගේ නාද‍ය සාක්කි කියනවා.මෙව‍‍ර සිංහල අලුත් අවුරුදු උදාව යෙදෙන්නේ තව හරියටම සතියකින් එනම් 2019 අප්‍රේල් මස 14 දින සවස 2.09යි. එම ග්‍රහචාරය ‍පොදුවේ රටටත්, කලාවටත් , විශේෂයෙන් කලාකරුවන්ටත් බලපාන ‍ආකාරය පිළිබඳව ප්‍ර‍වීණ ‍‍ජ්‍යොතිර්වේදී ආචාර්ය පියසේන රතුවිතානයන් සමඟ රසඳුන කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සැකසූ ලිපියකි මේ.

අවුරුදු උදා‍ කේන්ද්‍රයේ කලාව නියෝජනය කරන සිකුරු අටවැන්නට (මාරකස්ථානයට) ගිහින් පාපී සෙනසුරු‍‍ගේ දෘෂ්ඨිය ලැබී ති‍යන නිසා කලාවටත් විශේෂයෙන් නිළියන්ටත් අසුබ කාල‍යක් උදාවන බව මුලින්ම සඳහන් කළ යුතුයි.

සාමාන්‍යයෙන් ඕනෑම ‍කෙ‍‍නකුගේ කේන්ද්‍රයේ සිකුරු යහපත් තැනක සිටියොත් හැම දෙයක්ම හොඳවුණා වගෙයි. ඒත් අවුරුදු ‍කේ‍න්ද්‍රයේ සිකුරු ඉන්නේ සඳු‍ගෙන් අ‍ටේ. එහෙම පිහිටන කිසිම ග්‍රහයකු හොඳ වෙන්නෙ නෑ. කලාව නියෝජන‍ය කරන සිකුරු බාධක ග්‍රහ‍යා ‍ලෙස තමයි පිහිටලා තියෙන්නේ. සිකුරු නි‍යෝජනය කරන්නේ කලා ක්ෂේත්‍රයයි.

කලාව නියෝජනය කරන සිකුරුම අවුරුදු කේන්ද්‍රයේ දුබලවීම කාන්තා පක්ෂය‍ට සුබදායක නැහැ. කලා ‍‍ ක්ෂේත්‍ර නියෝජන‍‍ය කරන නිළියන්ටත් හොඳ මදි. ඒ අය පිළිබඳ සිත් රිද‍වන ආරංචි තමයි අහන්න ලැබෙන්නේ. හත්වැන්න පාප කත්‍රීවෙලා. හෙවත් පාපයන් දෙදෙනකුට මැදිවෙලා.

විවාහ අපේක්ෂිත අයටත් විවාහ ජීවිත ගතකරන දුබල ග්‍රහයන් හිමි අයටත් එතරම් සුබදා‍යක නැහැ. දික්කසාද නඩු රටේ බහුලවෙනවා විතරක් නෙමෙයි ප්‍රේම සබඳතා‍වලටත් අප්‍රමාණ බාධක මතුවෙනවා. ලග්නගත සඳු කිසිම සුබ ග්‍රහයකුට පේන්නෙ නැහැ. සිකුරු ලග්නයෙන් පමණක් නොව සඳුගෙන්ද අටවැන්නේ පිහි‍ටලා. තත්කාල කේන්ද්‍රයක සිකුරු දුබල ‍වීම පොදුවේ කලාවට යහපත් පිහිටීමක් නොවෙ‍‍යි. මේ උදා අවුරුදු කේන්ද්‍රයේ කලාව නියෝජන‍‍ය කරන සිකුරු කීප ආකාරයකින් දුබල වී ඇති බවක් පෙනෙනවා.

කලාකාමී සිකුරු අටවැන්නේ වීම කලාකාමී සිකුරු සඳුගෙන් අටවැන්නේත් වීම කලාකාමී සිකුරු අවුරුදු කේන්ද්‍රයේ අසුබම 22 වන දෙර්කානාධිපති‍යා වීම යන කරැණු නිසා කලාවේ බලය අන්තර්ජාතිකව සම්බන්ධ වෙනවා. විදෙස් කලාව මේ රට ආක්‍රමණය කරනවා.

විදේශී‍ය නාට්‍ය, විදේශීය චිත්‍රපට, විදේශීය නළු නිළියන් අපේ කලා ක්ෂේත්‍රයට වඩා ඉහළින් වැජ‍‍ඹෙන බව පෙනෙනවා. බලවත් සඳු ලග්නයේ පිහිටි නිසා කලාකරුවන්ට යම් අගය කිරීමක් වෙතොත් ඒ රංගනය හා ගායනය පැත්තෙන් පමණි. බුධ නීචවී පිහිටීම හේතුවෙන් අනිකුත් කලාකරුවන්ට පොත් ලියන අයට උගත් අයට ලැ‍බෙන ‍ගෞරව සම්මාන අසාධාරණයට හෝ විවේචනයට තුඩුදෙන ඒවා වෙනවා.

ධර්ම ත්‍රි‍කෝණ තුනම දුර්වලය. එහෙත් අර්ථ ත්‍රිකෝණ තුනම ශක්ති සම්පන්න‍ය. කාම ත්‍රිකෝණ තුනෙන් එකොළොස්වැන්න නියෝජනය කරන්නේ අඟහරු නිසා රටේ කාම අපරාධ වැඩිවෙනවා. යහපත් බවක් පෙන්වන්නේ නැහැ. කලාවේ අනාගත දියුණුව සිදුවන්නේ මන්දගාමීවයි. සඳු තනි‍වී ඇති නිසා කටක ‍වෘෂභ, තුලා ලග්න හිමි කලාකරුවන්ට එතරම් යහපත් නොවේ. ඒ තත්ත්වය එසේ ‍නරක් වුවද 10 වැන්න බලවත් ‍විම නිසාත් රවි චන්ද්‍ර දෙදෙනාම කේන්ද්‍රගතවිම නි‍සාත් කාන්තා පක්ෂයේ ආදායම හා වෘත්තීය බලය ‍නව මුහුණුවරකින් බලවත් වන බව පෙනෙනවා. ඒත් සමස්ථයක් වශයෙන් කලාවට කලාකරුවන්ට පෙන්වන යහපත අඩුයි.

වෘෂභ, තුලා, මිථු‍න, කන්‍යා, ලග්න හිමි නිළියන්ට පසුබෑමක්ද සිංහ, මේෂ, වෘශ්චික නිළියන්ට යම් ප්‍රමාණයක යහපතක් පෙන්වනවා. මේෂ, සිංහ, ක‍ටක ලග්න හිමියන්ට හොඳයි. මකර, කුම්භ, තුලා ලග්න හිමියන්ට උදා කරන යහපත අඩුයි. මීන, වෘෂභ, මිථු‍න, කන්‍යා, වෘශ්චික, ධනු ලග්න හිමියන්ට සාමාන්‍යයයි. 

නිශානී හේරත් බන්නැහැක


නව අදහස දක්වන්න