මදූෂ් සමග සිටි තවත් 05ක් පිටුවහල් කරයි - රංගන ශිල්පි රයනුත් ඒ අතර | දිනමිණ

මදූෂ් සමග සිටි තවත් 05ක් පිටුවහල් කරයි - රංගන ශිල්පි රයනුත් ඒ අතර

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත අද(04) අලුයම පැමිණ තිබේ.
 
ඔවුන් අතර රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය පැවසීය.
 
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ඔවුන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 226 දරණ ගුවන් යානයෙන් අලුයම 05.25ට පමණ දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
 
කටුනායක ගුවන් තොටුපළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මේ වනවිට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටි. 
 

නව අදහස දක්වන්න