මාකඳුරේ මධුෂ් මේ සතියේ දිවයිනට | දිනමිණ

මාකඳුරේ මධුෂ් මේ සතියේ දිවයිනට

(සුභාෂිණී සේනානායක)
 
ඩුබායි  පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා අද (09) කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කියා සිටියේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු  නියෝජ්‍ය පොලිස්පති  නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු  අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව  ප්‍රකාශ කළේය.
 
නාලක ද සිල්වා මහතා  රිමාන්ඩ් නොකිරීමට  පරිවේෂණ සාක්ෂි සහිතව  ලබන නඩු වාරයේදී  අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර එදිනට  ඔහු  මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද  මහෙස්ත්‍රාත්වරයා  කියා සිටියේය.
 
මෙම ඝාතන කුමන්ත්‍රණය සිද්ධිය අකාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරට ආරක්ෂාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනි සිටි නිතඥ මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලූ  මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ සුදුසු ආරක්ෂාක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
 
සිද්ධියට අදාළව සැකකරුවකු වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු  නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබන 23 දක්වා තව දුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 
 
ඩුබායි  පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි   නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා අද (9) කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කියා සිටියේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු  නියෝජ්‍ය පොලිස්පති  නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු  අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයටවෙනුවෙන්   කරුණු දැක්වමිනි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව  ප්‍රකාශ කළේය.
 
නාලක ද සිල්වා මහතා  රිමාන්ඩ් නොකිරීමට  පරිවේෂණ සාක්ෂි සහිතව  ලබන නඩු වාරයේදී  අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර එදිනට  ඔහු  මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද  මහෙස්ත්‍රාත්වරයා  කියා සිටියේය.
 
මෙම ඝාතන කුමන්ත්‍රණය සිද්ධිය අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරට ආරක්ෂාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනි සිටි නිතඥ මහතා සිදු     කළ ඉල්ලීම සලකා බැලූ  මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ සුදුසු ආරක්ෂාක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
 
සිද්ධියට අදාළව සැකකරුවකු වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු  නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබන 23 දක්වා තව දුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

නව අදහස දක්වන්න