D.I.G වික්‍රමසිංහ සහ රවී සෙනවිරත්නගේ සේවා දිගුව | දිනමිණ

D.I.G වික්‍රමසිංහ සහ රවී සෙනවිරත්නගේ සේවා දිගුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට වසරක සේවා දිගුවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නටයි.

ඒ අද (09) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.

එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ සේවා කාලය අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල දී අවසන් වීමට නියමිතව තිබුණි.

 


නව අදහස දක්වන්න