උත්සව සමය වෙනුවෙන් ඉන්ධන මිලේ වෙනසක් නැහැ | දිනමිණ

උත්සව සමය වෙනුවෙන් ඉන්ධන මිලේ වෙනසක් නැහැ

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවයි. 

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ බොර තෙල් බැරලයක ඇ.ඩො. 67ක්ව පැවැතිණ.

කෙසේ වෙතත් එහි මිල අද වන ඉහළ ගොස් ඇත්තේ, විට ඇ.ඩො. 74ක් ලෙසයි. 

මාර්තු මස 10 වැනි දා කෙරුණු ඉකුත් මිල සංශෝධනයේ දී ද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙනි. 

නව අදහස දක්වන්න