ගෝලීය ආර්ථි­ක අර්බු­ද­ය තව­දු­ර­ටත් ? | දිනමිණ

ගෝලීය ආර්ථි­ක අර්බු­ද­ය තව­දු­ර­ටත් ?

ජාත්‍ය­න්තර මූල්‍ය  අර­මු­දලේ ප්‍රධානී ගීතා ගෝපි­නත්
 

ගෝලීය ආර්ථිකය, කරුණු කීපයක් හේතුවෙන් පහත වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල්‍ය අරමුදලේ ප්‍රධානී ගීතා ගෝපිනත් ප්‍රකාශ කරයි.

එමෙන්ම BREXIT හා අනෙකුත් සාධක හමුවේ සාධනීය බව අඩු වී තිබෙන බවත් , අවදානම් තත්ත්වයක් වී ඇති බවත් පසුගිය දිනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ලෝක ආර්ථිකයේ , ගෝලීය වර්ධනය 2019 වන විට 3.3 % දක්වා පහත වැටී තිබේ . 2019 වර්ෂයේ ජනවාරි මාසයේ දී ගෝලීය අර්බුද රැසකට මුහුණ පා ඇත. 2020 වන විට 3.6 % දක්වා ඉහළ යනු ඇති අතරම චීනය සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙළෙඳ ගැටලු හේතුවෙන් මෙම තත්වය තවදුරටත් නරක තත්වයට පත්වීමට ඉඩ ඇතැයි පවසයි.

කාර්තුමය වාර්තාව අනුව 2019 දී Òලෝක ආර්ථිකයේ 70 % ක පමණ වර්ධනයේ මන්දගාමීත්වයක් පෙන්වා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල ප්‍රධානී , ගීතා ගෝපිනත් ප්‍රකාශ කරනු ලබයි. විශේෂයෙන් යුරෝ කලාපය තියුනු ලෙස මන්දගාමී වනු ඇත. ජර්මනියේ දළ දේශීය නිෂ්පාදිතය අඩකින් කපා දැමූ අතර, ඉතාලියේ ද දළ දේශීය නිෂ්පාදනයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි. නැඟී එන ආර්ථිකය හමුවේ චීනය සහ ඉන්දියාව පිළිවෙළින් 6.3%,සහ 7.3% වශයෙන් ඉහළම වර්ධන අනුපාත පෙන්නුම් කර ඇතැයි ඇය වැඩිදුරටත් පවසයි.

ආර්ජන්ටිනාව සහ තුර්කිය ඇතුලු Òනැඟී එන වෙළෙඳපොළවල හා සංවර්ධනය වන ආර්ථිකයන්ගේ නැවත යථා තත්ත්වයට

පත් වීමෙන් මෙම අස්ථාවරත්වය මඟ හරවා ගැනීමට හැකියාව තරමක් දුරටත් පවතිනවා Ò යනුවෙන් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී , ආර්ථික විශ්ලේෂක ගීතා ගෝපිනත් ප්‍රකාශ කරයි.

 
 

නව අදහස දක්වන්න