“පැළ සිටු­වීමේ සුබ මොහොතට” DFCC දාය­ක­ත්වය | දිනමිණ

“පැළ සිටු­වීමේ සුබ මොහොතට” DFCC දාය­ක­ත්වය

 ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට අභිනවයෙන් හඳුන්වාදුන් “පැළ සිටුවීමේ සුබ මොහොත” අප්‍රේල් 15 වැනිදා පෙරවරු 11.17 ට යෙදී තිබේ. මෙම අගනා කර්තව්‍යයට සහායදීම සඳහා DFCC බැංකුව තෝරාගත් සිය ශාඛාවන්හි අප්‍රේල් මස 11 සහ 12 යන දෙදින පුරා ජංගම ගිනුම් හැර අනිකුත් ඕනෑම තැන්පතු ගිණුමක ඕනෑම මුදල් ප්‍රමාණයක් තැන්පත් කරනු ලබන පාරිභෝගිකයන්ට පැමිණීමේ ප්‍රමුඛතාවය මත නොමිලේ වටිනා පැළ ලබාදීමට කටයුතු කරනු ලැබේ. මේ පිළිබඳව සිය අදහස් දැක්වූ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා,“රටේ විශාලතම උත්සවය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අලලා පරිසරය රැකගැනීමේ පුරෝගාමී වැඩසටහනක් සංවිධානය කිරීම ඉතාම වැදගත්. මෙහි සුවිශේෂී කාරණය වන්නේ අපි හැමෝම මේ පැළසිටුවීමේ සුබ මොහොතට අනුව පැළයක් සිටුවීමට උනන්දු වන එකයි.

පැළ සිටුවීම කියන්නේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කරන විශාල ආයෝජනයක්. අපි සියලුදෙනාටම එකම වෙලාවක එකට එකතුවෙලා සහයෝගයෙන් පැළ සිටුවන්න ලැබෙන මේ අවස්ථාව ඉතාම හොඳයි කියා මම හිතනවා. අපේ රට හරිත වර්ණයෙන් වර්ණවත් කරන්නට ෘත්‍ක්‍ක්‍ බැංකුව මීට පෙර සිට වැඩකරනවා. ලංකාවට ආවේණික පැළ සහ ලංකාවෙන් වඳවීගෙන යන පැළ සොයා ඒවා අවශ්‍ය තැන්වල වගාකිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් පසුගිය වසරේදී අපි පැවැත්වූවා. ජනාධිපතිතුමාගේ මෙම පැළ සිටුවීමේ මූලාරම්භය මඟින් සතුටුදායක හරිත අලුත් අවුරුද්දක් වෙනුවෙන් අපි සියලුදෙනාටම එකතුවෙන්න අවස්ථාව විවරකර තිබෙනවා. අපි අපේ ගණුදෙනුකරුවන්ගෙන් මෙම ජාතික වැඩසටහනට සහභාගී වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පවසයි.

නව අදහස දක්වන්න