බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට | දිනමිණ

බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

 දිවයිනම ආවරණයවන පරිදි පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
ඊයේ(11) පෙරවරු 06.00 සිට අද(12) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම සිදුකර තිබුනි.
 
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 10,170කට නඩු පැවරීම් සිදුකර ඇත.
 
උත්සව සමයේ දී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ සිට ලබන 20 වනදා දක්වා දීප ව්‍යාප්තව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකය.

අදහස් 1ක් ඇත

Monitoring and drunken drivers (DUI)taking into custody must be carried out regularly daily not only during festive season. Such drivers must be punished and put in jail like in the US. Besides their driver's licenses must be suspended at least for 6 months.Rigid disciplinary actions must also be taken against Police Officers who take bribes to release culprits. This is a common practice in the Island, it is well known that Sri Lanka is a corrupted country.

නව අදහස දක්වන්න