ශ්‍රීලංකන් එයාර්ලයින්ස් පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් | දිනමිණ

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2019-24 කාලපරිච්ඡේදය සඳහා පස් වසරක නව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස් කර තිබේ. ඉහළ සන්නාම දෘශ්‍යතාවයක් සහිත මූල්‍යමය ආයතනයකින් හෙබි ගුවන් සමාගම් සමූහයක් බවට පරිවර්තනය කිරීම සහ ශ්‍රී ලංකාව ආසියා-අප්‍රිකා-මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ මගපෙන්වීම යටතේ කළමණාකාරීත්වය විසින් නිර්මාණය කරන ලද මෙමඋපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජාතික ගුවන් සේවය විසින් දළ ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය පෙන්වා දෙන අතර එමගින් සියලුම අපනයන, ආනයන ඇතුළුව, ගුවන් සේවය වර්ධනයට අනුරූපීව ජාතියේ ආර්ථිකයට දායකත්වයක් සැලසෙනු ඇත.

ඕනෑම ව්‍යාපාරයකට ශක්තිමත් උපායමාර්ග සැලැස්මක් වැදගත් වන බවත් උපායමාර්ගික සැලැස්මක් නොමැතිනම් එය රේඩාර් පද්ධතියක් රහිත නැවක් මෙන් වන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා පෙන්වා දුන්හ. ජාතික ගුවන් සමාගම මුහුණ දෙන අභියෝග නොසලකා ව්‍යාපාර කටයුතු කළ යුතු අතර, එබැවින් ගුවන් සමාගම ශක්තිමත් මූල්‍යමය ආයතනයක් බවට පත්වීමට පැහැදිලි දර්ශනයක් සහ පැහැදිලි උපායමාර්ගයක් තිබිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. මෙම උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්ම සමාගමේ කොටස් හිමියෙකු වන ශ්‍රී ලංකා රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මේ ප්‍රධාන අංගයක් වනුයේ යුරෝපීය, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව තුළ පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපල අවස්ථා සපුරාලීම සඳහා නව මාර්ග ජාලය සංවර්ධනය කිරීමයි .

පිරිවැය ඵලදායී වන සහ මාර්ග ජාලයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ගුවන් යානා තෝරාගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම, ගුවන් සේවා කර්මාන්තය පුරා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් මේවා සැපයීම, වැඩි දියුණු කිරීම, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා පිළිගත් ක්‍රමවේද අනුගමනය කිරීම, ඵලදායී අයුරින් පුළුල් වෙළඳපොළක් කරා ළඟා වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණුම් වර්ධනය කිරීම, සමාගම පුරා තරඟකාරී පිරිවැය ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීම තුළින් සමාගමේ මුළු වියදම ඉහළ නැංවීම මෙහිදී අවධානය යොමු කර ඇත.


නව අදහස දක්වන්න