එලිෂියන් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය අවසන් | දිනමිණ

එලිෂියන් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය අවසන්

එලිෂියන් රියැලිටි සමාගම මඟින් ඉදි කරන ලද, මනරම් ගල්කිස්ස වෙරළ තීරයට නුදුරින් සාදා ඇති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ අවසන් නිවාස ඒකක කිහිපය මිලදී ගත හැකි බවට එම සමාගම ඉතා සතුටින් නිවේදනය කරයි.

මෙම අලෙවිය මෙතරම් වේගයෙන් සිදුවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ කුලී පදනම යටතේ බදු දිය හැකි වීම හා එම නිවාස පිහිටා තිබෙන ස්ථානයේ ස්ථානීය වටිනාකම යන සාධකයි. මහල් අටකින් සම්න්විත මෙම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉහළම පිහිටා ඇති පිහිණුම් තටාකයේ (infinite pool) සිට බැලූ විට ගල්කිස්ස අවට පරිසරය ඉතා කදිමට දිස්වේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ආසන්න පරිසරයක පිහිටි මෙම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය පදිංචියට මෙන්ම ආයෝජනයටද ද එක සේ වටිනා දේපළකි. දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ හිමියන්ටද සිය දේපල සංචාරකයින් සඳහා කෙටි කාලීන පදනමක් මත කුලියට දීමේ යහපත් ප්‍රවණතාවක් ගොඩ නැගී තිබිම සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානය


නව අදහස දක්වන්න