ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ ට “සර්“ නයිට් නාමය | දිනමිණ

ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ ට “සර්“ නයිට් නාමය

පරිසර දූෂණයට සෘජුවම හේතු වී ඇති ප්ලාස්ටික් හා පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශය ප්‍රකට සමාගම් සමූහයක් වන චරිත් සමූහ ව්‍යාපාරයේ සභාපති මෑතකදී උත්තරීතර නයිට් පදවියෙන් ද පිදුම් ලැබූ ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ කටයුතු යොදා තිබේ

මම ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය පළමුව කොළඹ හා මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් වී ඇත. චරිත් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය කරන කුමාරගේ මහතා මීට ඉහත දී මෙවැනිම තවත් සමාජ සේවා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර කොළඹ බෞද්ධාලෝක මාවතේ වීදි දෙපස කොට්ටාව නගරයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීම ඒ අතරින් සුවිශේෂ සමාජ සත්කාරයක් ලෙස සැලකේ .

ඊට අමතරව ඇස් කණ්ණාඩි බෙදා දීම, අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඉදිකිරීම, ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු ප්‍රදානය, ගැබිනි මාතාවන් සඳහා පෝෂණ මළු බෙදාදීම, ක්‍රීඩා කටයුතු සඳහා මූල්‍යමය අනුග්‍රහයක් ලබා දීම වැනි වැඩසටහන් රැසක් ද ඔහුගේ හා චරිත් සමූහ ව්‍යාපාරය මූලිකත්වය මත ක්‍රියාත්මක වී ඇත. පසුගිය කාලය තුළ සාර්ථක ලෙස තිරගත වුණු“ නිදහසේ පියා“ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ද ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ මහතායි. රටවල් 43 ක් අතුරින් පස් දෙනෙකුට පමණක් නයිට්ධූර පිරිනමන ලද අතර පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාත්‍යන්තර වෛකල්පිත වෛද්‍ය විද්‍යාලයේ 57 වන සංවත්සරයට සමගාමීව ඒ මහතාට උත්තරීතර නයිට් නාමයක් ද පිරිනමන්නට යෙදුනි.

ක්ලැරන්ස් මහතා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වේ. ලොව උත්තරීතර නයිට්වරුන්ගේ සභාව නියෝජනය කිරීමටද ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේට හැකි වනු ඇත.

නව අදහස දක්වන්න