ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තරයෙන් චෝදනා | දිනමිණ

ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තරයෙන් චෝදනා

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට ලබා දී තිබු දේශපාලන රැකවරණය ඉවත් කිරීමට ඉක්වදෝර් බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ජාත්‍යන්තරය චෝදනා කරයි . 
 
ඔහු ලන්ඩන් හි ඉක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගැනීම ලොව පුරා මාධ්‍ය ආයතන වල දැඩි අවධානය යොමු වී තිබේ. 
 
ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටි අතර ලන්ඩන් නගරාධිපති සජිඩ් ජාවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසාන්ජ් අත්අඩංගුවට ගත් පුවත සනාථ කර තිබේ. 
 
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවයි. 
 
අසාන්ජ් දිගින් දිගටම ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කළ බැවින් ඔහුට ලබාදී තිබු රැකවරණය ඉවත් කරගත් බව එක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ පවසයි.

නව අදහස දක්වන්න