පාප් වහන්සේ සුඩාන නායකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කරයි | දිනමිණ

පාප් වහන්සේ සුඩාන නායකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කරයි

 සිවිල් යුද්ධයකට නොයන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් ඉල්ලීමක් කරයි.
 
පාප් වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, දකුණු සුඩාන නායකයින්ගේ දෙපතුල් සිප ගනිමිනි. වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයින් පිරිසක් පාප් වහන්සේ හමුවීමට පැමිණ තිබිණ. 
 
එහිදී උන්වහන්සේ අඛණ්ඩව සාමය පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹිමින්  ඉල්ලීමක් කර තිබේ. 
 
82 හැවිරිදි පාප් වහන්සේ මුල්වරට මෙවැනි සංවේදී ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අතර තම දෙපා සිඹ අදාළ ඉල්ලීම කරන අවස්ථාවට ඔවුන් සංවේදී සිතින් මුහුණ දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව ඇත. 
 
ඒ අනුව පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට අත්සන් තබා තිබේ. 
 

නව අදහස දක්වන්න