19න් පහළ දෙවැනි කොටසේ දෙදින ශූරතාවත් රාජකීයයන්ට | දිනමිණ

19න් පහළ දෙවැනි කොටසේ දෙදින ශූරතාවත් රාජකීයයන්ට

නිරෝෂාන් ප්‍රියංකර

අහන් සංචිත සහ භාග්‍ය දිසානායක දියත් කළ විශිෂ්ට පිති හරඹයන් හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙදින ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ සමත් විය.

මේ තරගාවලියේ එක්දින ශූරතාව දිනා ගැනීමට ද සමත්වූයේ ද රාජකීය විදුහලයි.

කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය අත්කර ගනිමින් රාජකීයයෝ මේ ශූරතාව අත්කර ගත්හ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 266කට සීමාකළ රාජකීයයෝ පළමු ඉනිම සඳහා ලකුණු 314ක් රැස් කළහ.

රාජකීය විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ අහන් සන්චිත ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය. පන්දු 148කට මුහුණදුන් ඔහු හතරේ පහර 11කින් ඉනිම වර්ණවත් කරගත් අතර පසිඳු සූරියබණ්ඩාර හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 49කින් ලකුණු 52ක් ඉනිමට එක් කළේය.

පළමුව පන්දුවට පහරදුන් සාන්ත අන්තෝනි පිල වෙනුවෙන් කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 102ක් රැස් කළේ පන්දු 173කදී හතරේ පහර 13ක් සමගිනි. අසිත වන්නිනායක ලකුණු 32ක් සහ තමාෂන අබේකෝන් ලකුණු 31ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී මනුල පෙරේරා සහ කමිල් මිෂාර කඩුලු 3 බැගින් දවාගත් අතර කවිඳු පතිරණ කඩුලු 2ක් බිඳ දැම්මේය.

සා.අන්තෝනි පළමු ඉනිම - 266 (ඕවර 88.5) කල්හාර සේනාරත්න නොදැවී 102 (මනුල පෙරේරා 50/3, කමිල් මිෂාර 73/3)

රාජකීය පළමු ඉනිම - 314 (ඕවර 84.3) අහන් සචින්ත 116, භාග්‍ය දිසානායක නොදැවී 85, පසිඳු සූරියබණ්ඩාර 52 (නිම්නක ජයතිලක 114/4, තමාෂන අබේකෝන් 20/2)


නව අදහස දක්වන්න