මිනිස්කම අගයමින් සැබෑ සතුට අත්විඳිමු | දිනමිණ

මිනිස්කම අගයමින් සැබෑ සතුට අත්විඳිමු

අලුත් අවුරුදු සිරිත් විරිත් වල නිසි අරුත පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමට හා ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමට ක්‍රියා කරමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිල අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවකි.

අලුත් අවුරුද්ද කේන්ද්‍ර කොටගත් සංකල්ප, චාරිත්‍ර විධි මේ සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලුත් කරන අතරම මනුෂ්‍ය සමාජය තුළ ද ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කොටගෙන නිර්මාණය වී ඇත.

ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි හෘදයාංගමව සුභාශිංසන එක්කරමි.


නව අදහස දක්වන්න