සිවිල් යුද්ධයක් එපා..... | දිනමිණ

සිවිල් යුද්ධයක් එපා.....

වසර 30ක් පමණ බලයේ සිටි සූඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කර අත්අ‍ඩංගුවට ගත් බව සූඩාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ්, හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බව සඳහන් කළේය. රට තුළ මාස තුනක් හදිසි නීතිය බල පැවැත්වෙනු ඇති බවද ඔහු පැවසීය. සූඩාන ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ව්‍යවස්ථාව බල රහිත කරන ලද අතර දේශසීමා හුවමාරු ස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවය. ගුවන් කලාපය පැය 24කට වසා දැමූ බවද ඔහු සඳහන් කළේය.

රටේ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ක්‍රියාකරන බව සූඩාන රහස් ඔත්තු සේවය පැවසීය.

පසුගිය දෙසැම්බර් මස ඉන්ධන සහ පාන් මිල වැඩි කරන බව රජය නිවේදනය කිරීමෙන් පසු 1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ අන්තර්වාර කාලයේ සිවිල් කවුන්සිලයක් මඟින් රට පාලනය කළ යුතු අතර එයට හමුදා මැදිහත්වීමක් අනවශ්‍ය බවය. උද්ඝෝෂකයින් පිරිසක් හමුදා මූලස්ථානය ඉදිරිපිට වාඩි වී සිටින බව වාර්තා විය.


නව අදහස දක්වන්න