ගබ්සා තහනම් කිරීමේ නීතිය ව්‍යවස්ථාවට පටහැණි | දිනමිණ

ගබ්සා තහනම් කිරීමේ නීතිය ව්‍යවස්ථාවට පටහැණි

දකුණු කොරියාවේ ගබ්සා තහනම් කිරීමේ නීතිය ව්‍යවස්ථාවට පටහැණි බව එරට අධිකරණයෙන් මඟින් නියෝග කළේය.

එම අධිකරණ නියෝගයෙන් අවධාරණය කරන්නේ 2020 අවසන් වන විට එම නීතියෙහි වෙනසක් සිදු කළ යුතු බවයි. 1953 දී පැනවූ තහනම හේතුවෙන් ගබ්සාවට යොමුවන කාන්තාවන්ට එරෙහිව දඩ නියම කිරීමට සහ එවැනි කාන්තාවන් සිරගත කිරීමට මීට පෙර දකුණු කොරියාව කටයුතු කළේය.

දූෂණයට ලක්වීමෙන් සහ සමීප ලේ ඥාතීන් අතර පැවති සබඳතා හේතුවෙන් පිළිසිඳගත් දරුවන් සහ සෞඛ්‍යසම්පන්න නොවන කාන්තාවන්ට පිළිසිඳ ගන්නා දරුවන් ගබ්සා කිරීමට පමණක් අවසර හිමි විය.

එහෙත් සෙසු කාන්තාවන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී ගබ්සා නීතිය ලිහිල් විය යුතු බව දකුණු කොරියානු අධිකරණය සිය නියෝගයෙන් දන්වා තිබේ.සිවිල් යුද්ධයකට නොයන්නැයි දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබේ. වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයන් පිරිසකගෙන් පාප් වහන්සේ මෙම ඉල්ලීම කර තිබෙන බව වාර්තා වෙයි. එහිදී උන්වහන්සේ මේ සියලු දෙනාගේම දෙපතුල් සිප ගනිමින් සාමය වෙනුවෙන් එක්වන ලෙස ආයාචනා කළ අයුරු.


නව අදහස දක්වන්න