මධ්‍යම කදුකරයට තද වැසි | දිනමිණ

මධ්‍යම කදුකරයට තද වැසි

මධ්‍යම කදුරයේ ජල පෝෂක ප‍්‍රදේශ වලට අද (17) පස්වරුවේ තද වැසි ලැබී තිබේ.
 
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ අධික වර්ෂාවක් පැවති බව සදහන් වේ. 
 
බගවන්තලාව, නොර්වුඩ් , මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවලට අද පස්වරු 1 සිට පස්වරු  2.30 පමණ වන තෙක්  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ කාලයක් ඇණ හිට තිබුණි.
 
ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මවුස්සාකැලේ  ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලබා බසිනා මස්කෙලිය ඔයේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න