මධ්‍යම පළාත් පාසල් ක්‍රිකට් ශූරතාව කටුගස්තොට සා.අන්තෝනි බාලිකාවට | දිනමිණ

මධ්‍යම පළාත් පාසල් ක්‍රිකට් ශූරතාව කටුගස්තොට සා.අන්තෝනි බාලිකාවට

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධාන කළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහල සමත් විය. සා.අන්තෝනි විදුහල් පිටියේ පැවැති අවසන් තරගයේදී ඔවුන් හමුවේ පසුගිය වසරේ ශූරතාව දිනාගත් මහනුවර මහාමායා බාලිකා විදුහල් පිල පරාජයට පත්විය.

ජයග්‍රාහී කණ්ඩායමට වසන්ති ජිනදාස, සචිනි දයාරත්න, නෙතුමි මල්ෂානි, කවීෂා බස්නායක, දුල්මිණි ජයවීර, පද්මිණි විජේනායක, මීදුම ගමගේ, දිමුතු වනසූරිය, සංසලා කවිනද්‍යා, සලනි, නිමේෂිකා, තරුෂි තත්සරණ ඇතුළත් වූහ. කණ්ඩායමේ පුහුණුකරු ලෙස සුසන්ත බස්නායක මහතා කටයුතු කළ අතර කණ්ඩායම් භාර ආචාරිනියි ලෙස ලක්මිණි අමරසේකර මහත්මිය කටයුතු කළාය.


නව අදහස දක්වන්න