ආ වඩා ආයු බෝ වේවා.... | දිනමිණ

ආ වඩා ආයු බෝ වේවා....

 අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව වාර්ෂිකව සිදුකෙරෙන පින්නවල අලි ඇතුන්ගේ හිසතෙල් ගෑම මෙවර ද උත්සවාකාරයෙන් ඊයේ (17) පෙරවරුවේ සිදුකෙරිණි. විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස මහතා විසින් සුබ මොහොතින් අලි අනාථාගාරයේ වෙසෙන ‘මැණිකේ‘ කෙනෙරගේ හිසතෙල් ගැල්වූ අයුරුයි මේ. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහිංද සංඝරක්ඛිත හිමිපාණන් කැලණි විහාරයේ කංඩුල ඇතාට නැකතට හිසතෙල් ගල්වා ආශිර්වාද කළ අයුරු. (දකුණේ), පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් හි පැවැති හිසතෙල් ගෑමේ මංගල්‍යයේ අවස්ථාව. (ඉහළ) සබරගමුව සරසවියේ කුලපති, විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි

රඹුක්කන විශේෂ,

කොළඹ දිස්ත්‍රික් සංචාරක හා රාගම සමූහ

 

 


නව අදහස දක්වන්න