ස්ටෝනි­ක්ලිප් වතු­යායේ කොටි මළ සිරු­රක් | දිනමිණ

ස්ටෝනි­ක්ලිප් වතු­යායේ කොටි මළ සිරු­රක්

දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියකුගේ මළ සිරුරක් ඊයේ (17) පෙ.ව. 08.00 ට පමණ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

මෙම කොටි මළ සිරුරු අසල තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයකුලේ මළ සිරුරක්ද හමු වී ඇත. මෙම කොටියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්මකරුවන් සැක කරනු ලබයි.

මෙම කොටියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති. කොටි මළ සිරුර දිඹුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතය.

 

 

ඡායාරූප හා සටහන-

මස්කෙළිය සමූහ

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න