දඹුල්ලේ රිය අන­තුරු දෙක­කින් තිදෙ­නෙක් මරු දකිති | දිනමිණ

දඹුල්ලේ රිය අන­තුරු දෙක­කින් තිදෙ­නෙක් මරු දකිති

එකම වේලාවේ දඹුල්ලේ සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් එක් අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 16 දින රාත්‍රියේ ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ දියණියක් සහ පුතෙක් මියගොස් පියා බරපතළ තුවාල ලබා තිබෙන බවත් මව එම අනතුරෙන් මව කිසිදු තුවාලයක් නොමැති ව සිටින බවත් දඹුල්ල පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දඹුල්ල සීගිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි ජී .ජී .සඳුනි අමරසිංහ (22) බිඳුසර චමත් කල්හාර (05) නැමති දෙදෙනා වෙති.

මෙම පිරිස තවත් ඥාතීන් පිරිසක් සමඟ ත්‍රිරෝද රථ දෙකකින් ඥාතී නිවෙසකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වූ බව ඔවුහු කියති.

මෘතදේහය දඹුල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ තැන්පත් කර තිබෙන අතර තුවාල ලැබූ පියා දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

වෑන් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද කතරගම ප්‍රදේශයේ වන්දනාවක සහභාගී වී නැවත කොළඹ ප්‍රදේශයට ගමන් කරමින් සිටින පිරිසක් බව පොලීසිය කියයි.

එම දිනයේම එම වේලාවේම හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණියක් මියගොස් ඇතැයි සීගිරිය පොලීසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල බෙල්ලන්නේඔය ගොවි ජනපදයේ පදිංචි චාන්දනී කුමාරි විජේතුංග (23) හැවිරිදි අවිවාහක තරුණියක් බව පොලිසිය කියයි.

මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් සීගිරිය පොලීසියත් දඹුල්ල පොලිසි පරීක්ෂණ පවත්වනු ලබයි.

සිගිරිය විශේෂ, මාතලේ දිස්ත්‍රික් සමූහ

 


නව අදහස දක්වන්න