වසර දස­ද­හ­සක් පැරැණි ගල්ලෙ­නක නට­බුන් හල්දු­ම්මු­ල්ලෙන් හමු­වෙයි | දිනමිණ

වසර දස­ද­හ­සක් පැරැණි ගල්ලෙ­නක නට­බුන් හල්දු­ම්මු­ල්ලෙන් හමු­වෙයි

ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ වසර දසදහසක් තරම් පැරැණි ගල්ලෙනක නටබුන් වැල්ලවාය හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතර සීමාවේ පිහිටි අලුතවෙල ග්‍රාමයෙන් හමුවී තිබේ.

ආදි මානවයන් ප්‍රයෝඡනයට ගත් ගල් ආයුධ රැසක් හා ඒවා නිර්මාණය කිරිමට යොදාගත් උපකරණ ද මෙහි දක්නට ඇති බවත් එම ගල්ලෙන අඩි 121ක් තරම් දිගින් යුත් එකක් බවත් ඒ සම්බන්ධයෙන් ගවේශණ සිදුකළ ඡයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂ උපාධිධාරි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් ඩිප්ලෝමාධාරි හා කැලණි විශ්ව විද්‍යලයේ විද්‍යාපති පුරාවිද්‍යා පර්යේෂක රුවන් දිසානායක මහතා දිනමිණට කීය. මේ ගුහා ලෙන සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ කීය.

මේ ගුහා ලෙනේ අපි දැකපු සුවිශේෂි ලක්ෂණ රැසක් තිබෙනවා .මධ්‍ය ශිලා යුගයට අයිති ගල් ගුහාවක් තමයි මේ ගල්ගුහාව. අදින් අවුරුදු දසදසක තරම් ඈත කාලයක සාධක තමයි මේ ස්ථානයෙන් අපිට හමුවන්නෙ.මේ ස්ථානයේ මානවයන් ප්‍රයෝජනයට අරගත් ආයුධ හදලා තියෙන්නේ කහඳ කියන පාෂණය යොදාගෙන. සාමන්‍යයෙන් බැලු බැල්මට 30%ක් විතර එහෙම හදපු ආයුධ තියෙනවා . ඒ වගේම කණ්ඩායම් එකකට වැඩි ගණනක් ඡිවත්වී තිබෙනවා . මේ ගල් ලෙන පසුකාලිනව භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝඡනයට පුඡාකර තිබෙනවා . ලෙනේ කටාරම් කපලා තියෙනවා . උඩින් පොකුණූ දෙකක් තියෙනවා . ගල් පර්තවතයක් නිසා ආරක්ෂාව තියෙනවා . පසුකාලිනව ලෙන ඉදිරිපිටින් බිත්ති බැඳලා තියෙනවා. ඒ බිත්ති බැදිම සදහා ඒ සදහා යොදා ගෙන තියෙන්නේ අනුරාධපුර යුගයට අයත් ගඩොල්.

 

ඒ ගඩොල් අගල් 12ක් දිගයි හයක් පළලයි අඟල් දෙකහමාරයි උසයි .වෙන යුගයන්වල ඒ ගඩොල් යොදා ගත්තේ නෑ. ඒක නිසා සියට සියක්ම කියන්න පුළුවන් මේ අනුරාධපුර යුගයට අයිති ගඩොල් කියලා .තවත් දෙයක් මෙවැන් ගුහාවක් කිරිඳිඔය නිම්නයේ මෙවැනි ස්ථාන එක්ක හැරෙන්නට හමුවී නෑ . හොඳම දේ තමයි මේ ස්ථානය පුරාවිදා ස්මාකරකයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමත් සංරක්ෂණය කිරිමත්.

වැල්ලවාය විශේෂ

ඡි. අයි. ආර්. ගරුසිංහ

 

නව අදහස දක්වන්න