තැන-තැන හිස­තෙල් ගෑමේ උත්සව | දිනමිණ

තැන-තැන හිස­තෙල් ගෑමේ උත්සව

  හැටන්

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි හිස තෙල් ගෑමේ උත්සවය පැවැත්වුණු අයුරු. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති මහගම විමල නායක හිමියන්ගේ අනුසාසනා මත එම විහාරස්ථ දායක සභාව විසින් මේ හිස තෙල් ගෑමේ උත්සවය සංවිධාන කර ඇත. ටම් අවස්ථාවට ප්‍රදේශයේ අන්‍යආගමික පුජකවරුද සහාභාගි වුහ. ඡායාරූපය- හැටන් මධ්‍යම විශේෂ

 

ත්‍රී/මලය

 

 

අලුත් අවුරුදු සිරිත් විරිත් හා නැකැත් චාරිත්‍ර පිළිබද ප්‍රායෝගික ක්‍රියාකාරම් ඇසුරෙන් සිසු දරුදැරියන්ට අවබෝධයක් ලබාදිම අරමුණු කරගෙන කන්තලේ අග්බෝපුර කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් එක්කර ගනිමින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ලැබිය. විදුහල්පතිනි ඩබ්ලිව්.කේ.ශ්‍රියානි මහත්මියගේ උපදෙස් මත පැවැතිටම් අවුරුදු උළේලේදි ඉසතෙල් ගෑම, නෑගම් යෑම, ලිප ගිනි මෙලවිම, කිරි ඉතිරවිම ආදා චාරිත්‍ර ප්‍රායෝගිකව සිදුකරමින් දැනුමක් ලබා දිමට කටයුතු යොදා තිබුණි මේ ඒ අවස්ථාවකි .

 

ඡායාරූපය-ත්‍රි/මලය විශේෂ

 

 

වෙන්න­ප්පුව

 

 

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් හාල්දඩුවන නුගගහ පුරාණ අයියනායක මහා දේවාලයේදී නව අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් කටයුතු සුබ මොහොතින් සිදුවිණි.දේවාල භාරකරු ගෝඨාභය වික්‍රමසිංහ මහතා හිසතෙල් ගෑමේ කටයුත්තට එක්ව සිටි අයුරු.

 

ඡායාරූපය

 

වෙන්නප්පුව විශේෂ

 

ගිරා­ඳු­රු­කෝට්ටේ

 

 

ආදිවාසී ජනතාව විසින් නව අවුරුදු චාරිත්‍ර අනුව ඉටු කරන ප්‍රධානම හා එකම අංගය වන්නේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයයි.ආදිවාසී නායක වනස්පති දේශීය වෛද්‍ය ඌරුවරිගෙ වන්නියල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසි ගම්මානයේ කොටබකිණියේදී ඔවුන්ගේ පාරම්පරික වත්පිළිවෙත් අනුව හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සූදානම් කර තිබුණු අයුරු.

ඡායාරූපය

 

ගිරාඳුරුකෝට්ටේ සමූහ

 

කිරි­ඳි­වැල

 

 

 කිරිඳිවැල මිල්ලතේ 'සිරිසඳ' භවනෙහිද වසර 100කට අධික කාලයක සිට හිස තෙල් ගෑමේ චාරිත්‍රය පරම්පරාවෙන් පරාවට අකුරටම ඉටු කරති. තම පියා, සීයා ඇතුළු මීමුත්තන් ගෙන ආ මේ ක්‍රියාවලිය එලෙසම ඉටු කරමින් වර්තමාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එම උත්සවයට පැමිණි ජනතාවට හිසතෙල් ගෑම සිදු කළ අයුරු.

 

ඡායාරූපය- ජී.එස්.තැලිගම - කිරිඳිවැල සමූහ

 

ඇහැ­ටු­වැව

 

 ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද හිස තෙල් ගෑමේ උත්සවයක් පවත්වන ලදී. ඒ අනුව වෙනත් සේවා ස්ථානයන් ට වඩා වෙනස් ස්වරූපයක් ගත් මෙහි ආයතනයේ ම සේවය කරමින් හෙළ වෙද කලාවන් ද ප්‍රගුණ කරමින් රෝගින් සුව පත් කිරිමේ කාර්යේ ද නිරත වී සිටින ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ඩි.එම් චන්ද්‍රසේන මහතා විසින් ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර් වැලිපිටිය මහතා ට අලුත් අවුරුද්දේ නීරෝගි සුව ප්‍රාර්ථනා කරමින් සුබ මොහොතින් හිස තෙල් ගැල් වු අයුරු.

 

ඡායාරූපය- අඹන්පොල විශේෂ

 

සකුන්තලා ජයසිංහ


නව අදහස දක්වන්න