අනතුරට හේතුව වෑන් රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම | දිනමිණ

අනතුරට හේතුව වෑන් රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම

විජයානි එදිරිසිංහ

මහියංගණයේදී ඊයේ අලුයම සිදු වූ මාරක රිය අනතුර එම වෑන් රථය පදවනු ලැබූ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය පැදවීමේ හේතුව නිසා සිදුවූවක් බව පොලිස් විමර්ශණ වලින් අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ රියදුරාට නින්දයාම නිසා අනතුර සිදු වී ඇති බවත් රාත්‍රී ගමන් ගන්නා මෙවැනි වාහනවල රියදුරා මතම විශ්වාසය නොතබා වෑන් රථයේ ගමන්ගත් පිරිසත් පරීක්ෂාකාරීව අවධානය යොමු කරනු ලැබුවේ නම් දස දෙනකුගේ ජීවිත බිළිගත් මෙම භයානක අනතුරට ලක් නොවන බවයි.

මේ අතර අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර පසුව මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇත.


නව අදහස දක්වන්න