බෝම්බුවල හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයෙන් | දිනමිණ

බෝම්බුවල හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයෙන්

සටහන හා ඡායාරූප - කළුතර මධ්‍යම සමූහ හා කළුතර විශේෂ

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ (17) පෙරවරු 7.40ට කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ සහ බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරාධිපති අමරපුර ආරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ කළුතර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හල්වතුරේ අස්සජි යන නාහිමිවරුන්  මෙහිදී අවුරුදු නැකතට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ හිසතෙල් ගල්වන ලදී.

ඉන් අනතුරුව මහා සංඝරත්නය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඇත් පැටවාටද හිස තෙල් ගල්වන ලදී. හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා මහා සංඝරත්නය ඇතුළු අති විශා ජනතාවක් පැමිණ සිටියහ. බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් විතාන, කිත්සිරි කහටපිටිය, ඉෆ්තිකාර් ජමීල් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද, කළුතර දිසා ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න