පෞද්ගලික අංශයේ වැටුප 2500 කින් ඉහළ දාන්න පියවර | දිනමිණ

පෞද්ගලික අංශයේ වැටුප 2500 කින් ඉහළ දාන්න පියවර

අනුර ප්‍රේමලාල්

පෞද්ගලික අංශයේ සේවකයින්ට බලපාන ජාතික අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් පමණ ලබන මැයි(01) වනවිට වැඩි කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීය. 2016 අවම වේතන වැටුප පනතින් මේ රටේ අවම ජාතික වැටුප රුපියල් දසදහසක් දක්වා වැඩි කළ අතර ඊට අයවැය සහනදීමනා පනතින් වැඩිවු රුපියල් තුන්දහස් පන්සීයක්ද එකතුවනවා. අලුතින් වැඩිවෙන රුපියල් දෙදහස් පන්සීය වැඩිවු විට පෞද්ගලික අංශයේ සේවකයකුට රුපියල් දහසය දහසක වැටුපක් අවම වශයෙන් හිමිවේ.

අවම ජාතික වැටුප වැඩිකිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් හා කම්කරු ඇමැති ලෙස මගේ ඉල්ලීමක්ද අනුව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. දැනටමත් මෙම යෝජනාව ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගෙන තියෙනවා. මේ සඳහා වන පනත් සංශෝධනය කරමින් නීතිරීති ඉදිරියේදි සකස් කෙරෙනවා.


නව අදහස දක්වන්න