වඩුක්කෝඩෙයි වැව ගම්වැසියන්ට බාරදෙයි | දිනමිණ

වඩුක්කෝඩෙයි වැව ගම්වැසියන්ට බාරදෙයි

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ වැවක් යුද හමුදාව විසින් නිදහස් කොට එම ගම්මානයේ වැසියන් වෙත බාර දෙන ලදී.

යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් මෙම වැව වඩුක්කෝඩෙයි ගම්මානයේ වැසියන් වෙත බාර දෙන ලදී.

මේ අවස්ථාවට සහභාගී වූ ආඥාපතිවරයාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් වඩුකෝඩෙයි ගම්මානයේ වැසියෝ වසර විසි හයකට පසුව ඔවුන්ගේ වැව යළිත් ඔවුන්ට ලැබීම නිමිත්තෙන් වැව අසල විශේෂ පොංගල් පූජාවක් පවත්වා යුද හමුදාවට ආශිර්වාද කොට තිබේ.

වඩුකෝඩෙයි ගම්මානයේ දෙමළ වැසියන් විසින් වසර කීපයක්ම මෙම වැව යටතේ කුඹුරු වගා කරමින් කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිට ඇති අතර යුද සමයේ දී ආරක්ෂක අංශ මේ ප්‍රදේශයේ කඳවුරු බැඳීම නිසා පළාතේ වැසියන්ට ගොවිතැන් කටයුතු කිරීමට එම ප්‍රදේශයට යාමට නොහැකි වී තිබුණි.

මේ වසරේ මාස් කන්නයේ සිට වඩුක්කෝඩෙයි වැව යටතේ මේ වැසියන්ට කුඹුරු ගොවිතැන් කිරීමට අවස්ථාව උදා වී තිබේ.


නව අදහස දක්වන්න