අවුරුදු සමයේ ලංගමයට මිලියන 2ක ලාභයක් | දිනමිණ

අවුරුදු සමයේ ලංගමයට මිලියන 2ක ලාභයක්

නිමල් රාජපක්ෂ

මෙවර සිංහල හා හින්දු අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවයේ ගමන් පහසුව සඳහා බස්රථ ධාවනයට එක්කර ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන දෙසියක ආදායමක් උපයා ගත් බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා පැවසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලය මෙම ආදායම උපයාගෙන ඇත්තේ 12 හා 13 යන දෙදින මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා ලංගම බස්රථ 5900 ක් ධාවනයට එක් කිරීමෙනි.

දිවා රාත්‍රී නොබලා මගී අවශ්‍යතාවය මත රියැදුරු කොන්දොස්තර මහතුන් ලංගම බස්රථ ධාවනය කිරීම නිසා ජනතාවට කලට වේලාවට ගම්බිම් බලා යාමට හැකි වී තිබේ.

ලංගම කළ සේවාව නිසා මගී ජනතාවට කලට වේලාවට ගම්බිම් බලා යාමට හැකි වු බවත් ලංගම දිනකට බලාපොරොත්තු වු ආදායම උපයා ගැනීමට හැකි වු බවත්,ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත මේ සියළු කටයුතු සිදුකළ බවත් , චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු රාජකාරි සඳහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ඒම සඳහා 15වැනි දින සිට ලංගම බස්රථ ධාවනය ආරම්භ කළ අතර ඒ සියළු කටයුතු අදාළ ප්‍රාදේශීය කාර්යාල 12 ට පවරා තිබේ. එම් ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් මස 22 වැනි දින දක්වා මගී අවශ්‍යතාවය මත ලංගම බස්රථ ධාවනට යොදවන බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා පැවසීය.


නව අදහස දක්වන්න