ඇමැති සාගල ජපානයේ නිල සංචාරයක් අරඹයි | දිනමිණ

ඇමැති සාගල ජපානයේ නිල සංචාරයක් අරඹයි

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ටෝකියෝ නුවර අලුතින් ස්ථාපිත කෙරුණු දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජපාන අගමැතිවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය ඉසුමි මහතා ද එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

මෙම නිල සංචාරයේ මූලික අරමුණ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීමේ කාර්යයට අවශ්‍ය මූල්‍ය හා වෙනත් පහසුකම් එක්කර ගැනීම වන අතර ඒ වෙනුවෙන් එරට සමඟ රාජ්‍ය තාන්ත්‍රික සකච්ඡා පැවැත්වීමද නියමිතය. ඒ අනුව ජපාන රජයේ ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන සංචාරක ඇමැති ලිෂිඩා මහතා ඇතුළු ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවකට ද සාගල රත්නායක මහතා එක් විය.

විවිධ අංශ වලින් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරන ආකාරය පිළිබඳ මේ සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානයට ලක්කර තිබේ. ඉකුත් 14 වැනි දා සිය සංචාරය සඳහා ඇමැතිවරයා පිටත්ව ගිය අතර අනිද්දා (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා ද එක්ව සිටියේය.


නව අදහස දක්වන්න