නුවරඑළිය ලේක් ක්‍රොස් මෝටර් ‍රේසිං ජයග්‍රාහකයන්ට අගමැති අතින් තෑගි | දිනමිණ

නුවරඑළිය ලේක් ක්‍රොස් මෝටර් ‍රේසිං ජයග්‍රාහකයන්ට අගමැති අතින් තෑගි

නුවරඑළිය සමූහ

නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව 'නෙම් රේසිං' ක්‍රීඩා සමාජය සංවිධානය කැර තිබූ 'ලේක්ක්‍රොස්' මෝටර් ‍රේසිං යතුරුපැදි ධාවන තරඟාවලිය පෙරේදා (16) දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ඉහළවැව පාරේ ග්‍රෙගරි වැව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සහ නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න, නියෝජ්‍ය නගරාධිපතිනි යදර්ශනා පුත්තිර සිගාමණී මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගී වී සිටියහ.

ඡායාරූප-නුවරඑළිය සමූහ


නව අදහස දක්වන්න