මහරගම කඩදාසි බෑග් නිෂ්පාදනාගාරයක ගින්නක් | දිනමිණ

මහරගම කඩදාසි බෑග් නිෂ්පාදනාගාරයක ගින්නක්

මහරගම පොලිස් වසමේ පන්නිපිටිය ප්‍රදේශයේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරන සිව් මහල් ගොඩනැගිල්ලක අද(18) අලුයම 3.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
 
දෙහිවල පොලීසිය, කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකක හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. 
 
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ජීවිත හානි කිසිවක් ද නොමැති අතර මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

නව අදහස දක්වන්න